ආහාරවල මිල ගණන් ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරනවා.
නිසි පරිදි ආහාරවල මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීමෙන් පාරිභෝගිකයින් පත්වන අපහසුතාව සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ.
ඒ, අනුව අදාළ වැටලීම් ලබන සතිය පුරා ක්‍රියාත්මක කරන අතර, ඊට අදාළ කඩිනම් පියවර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
4
+1
+1
+1
+1













