ආසියානු කුසලාන තරගවලියේ ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ලකුණු 2ක ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා
ශ්රී ලංකාව අඛණ්ඩව ජයගත් 12 වන තරගය මෙම තරගයයි.
කාසිය වාසිය හිමිකර ගත් ශ්රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
ඒ අනුව ශ්රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී 291ක් රැස් කළා
ශ්රී ලංකාව පලමු කඩුල්ල වෙනුවෙන් Pathum Nissanka 41 ක් සහ Dimuth Karunaratne 32ක් රැස් කරගත්තා.
මෙහිදි විශිෂ්ඨ ඉනිමක් ක්රිඩා කළ Kusal Mendis පන්දු 84කදි හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 92ක් රැස් කරගත්තේ අවාසනාවන්ත දුවද්දි දැවී යාමකට හසු වීමෙනි.Maheesh Theekshana 28,Dunith Wellalage නොදැවී 33 ලබාගත්තා.
Gulbadin Naib කඩුලු 3ක්ද,Rashid Khan කඩුලු 2ක්ද,ලබා ගත්තා.
ඒ අනුව ඇෆ්ගනිස්ථානය මෙම තරගයෙන් ජය ලැබිමට නම් පන්දුවාර 50 තුලදි 292ක් රැස් කර ගත යුතුව තිබුණා. එමෙන්ම ඇෆ්ගනිස්ථානයට මෙවර තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට පිවිසීමට නම් 37.2කදි 292ක් රැස්කරගතයුතුව තිබුණා.
ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37.4කදි සිල්ලන් දැවී ලබාගත ගැකි වුයේ 289ක් පමණයි. මෙම තරගය වර්ණවත් කළ Mohammad Nabi පන්දු 32කදි 6 පහර 5 සහ 4 පහර 6ක් සමගින් ලකුණු 65ක් ලබාගත්තේ ශ්රී ලංකාව පන්දුයවන්නන් අසරණ කරමින්.
ඒ අනුව දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.
ඒ අනුව ආසියනු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයට පහත කණ්ඩායම් සුදුසුකම් ලැබිය.