ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු නැංවීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගය

මෙරට ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථානවල පවතින තත්ත්වය නංවාලීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහයෝගය පළ කර තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාව තුළ ආර්ථික මධ්‍යස්ථාන 18ක් ඇති අතර, පාරිභෝගිකයා මෙන්ම ගොවි ජනතාව අතර පවතින දුරස්ථ සබඳතාවය හේතුවෙන් එම මධ්‍යස්ථානවලින් නිසි ප්‍රයෝජන නොලැබී ඇති බවයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන්නේ.

විශේෂයෙන් අවම පහසුකම් සහිත වීම නිසා මෙම ආර්ථික මධ්‍යස්ථානවල දී හානියට පත්වන පළතුරු හා එළවළු ප්‍රමාණය ඉහළ මට්ටමක පවතිනවා.

එම සංවිධානය විසින් කරන අනාවරණයකට අනුව මෙරට පළතුරු අපතේ යාම නිසා වාර්ෂිකව සිදුවන ආර්ථික හානිය ඇමරිකන් ඩොලර් මිලියන 90ක්.

එමෙන්ම එළවළු අපතේ යාම නිසා සිදුවන ආර්ථික හානියෙහි වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 110ක් බව අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසන්නේ.

මෙරට ආර්ථික මධ්‍යස්ථාන නවීකරණය සඳහා වන සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති අතර දැනට ක්‍රියාත්මක වන ආර්ථික මධ්‍යස්ථාන සියල්ල පාරිභොගිකයින් හා ගොවි ජනතාව තෘප්තිවන අයුරින් සේවාවන් සැපයීම දක්වා ප්‍රවර්ධනය විය යුතු බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටියේ.

ආර්ථික මධ්‍යස්ථානවලින් සිදුවන සේවාවන් පුළුල් කිරීම සඳහා දැනට සිදු කෙරෙන ව්‍යාපෘති වාර්තාව මාස දෙකක් තුළ තමන්ට ලබා දෙන ලෙස ද ඔහු දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මෙම කටයුතු සඳහා තම සංවිධානයේ උපරිම සහයෝගය පළ කරන බවයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත Ms. Simrin Singh මහත්මිය ප්‍රකාශ කළේ.‍

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු මෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත Ms. Simrin Singh ප්‍රධාන තාක්ෂණ උපදේශක Dr. Thomas Kring යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?