spot_imgspot_img

ආරක්ෂක ලේකම් ලියූ කෘති 02ක් සහ ගීතයක් එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත “තාරා ගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නව කතා ද්විත්වය සහ “ ඇහේ කඳුළැලි” ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ (06) පැවැත් වුණා.

නවකතා ද්විත්වයෙහි පළමු පිටපත් ආරක්ෂක ලේකම් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක කරූ ජයසූරිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් වෙත කෘති පිළිගැන්වීම සිදු වුණා.

ආරක්ෂක ලේකම් විසින් රචිත “ඇහේ කඳුළැලි” ගීතය යසස් මැදගෙදර මහතා විසින් සංගීතවත් කර තිබෙනවා.

ආනන්ද විද්‍යාලයේ පුස්තකාලය වෙත පිරිනැමුණු ග්‍රන්ථ කට්ටලය එම විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා වෙත මෙහිදී භාර දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?