ආරක්ෂක ප්‍රධානීන් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදු වී තිබෙනවා.

ජනාධිපති සහ සේනාධිනායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් අනතුරුව සාම්ප්‍රදායික ලෙස මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එන්.ආර්. ළමාහේවාගේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක මෙලෙස ජනාධිපතිවරයා හමු වුණා.

සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයාට සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?