AFC Banner
Empty Ad
Empty Ad

ආයුර්වේද වෛද්‍යවරියක් මන්නයකින් ගෙල කපා ඝාතනය කෙරේ

කළුතර උතුර ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරියක් මාළු කපන මන්නයකින් ගෙල කපා ඝාතනය කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර කැලිඩෝ පාරේ පදිංචිව කැඩුම් බිදුම් වෛද්‍යවරියක්.

ඇයගේ මළසිරුර අද අළුයම 5 ට පමණ නිවස පිටුපස ගෙලෙහි කැපුම් තුවාල සහිතව වැටී සිටින අයුරු දියණිය දැක පොලිසියට දැනුවත් කර ඇතැයි පොලිසිය පවසනවා.

ඝාතනය සදහා යොදාගත් බවට සැක අඩි දෙකකට ආසන්න දිගකින් යුත් මාළු කපන ලේ තැවරුන මන්නා පිහිය සොයාගෙන ඇති බවද පොලිසිය පැවසු අතර එම පිහිය ඇය පදිංචිව සිටී දියණියට අයත් නිවසේ මුළුතැන්ගෙයි මාළු කැපිම සදහා භාවිතා කල එකක් බවද පොලිස් පරීක්ෂණ වලදී අණාවරණය වී තිබෙනවා.

විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් නිළ සුනඛයන් ගෙන්වීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

කළුතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?