ආයුධ පෙන්වීමට ගිය සැකකරුවෙක් පොලිස් වෙඩි කා නසී

පොලිසිය විසින් අද (23) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කටුනායක පොලිස් වසමේ මාදුව ප්‍රදේශයේ දී සඟවා තිබූ අත්බෝම්බයක් පොලිස් නිළධාරින් වෙතට එල්ල කළ අවස්ථාවේ දී
පොලිස් නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ, හිනටියන ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

මාදම්පගේ බුද්ධික දිනේෂ් සෝමවංශ ද සිල්වා නමැති එම පුද්ගලයා 32 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

අද (23) උදැසන කටුනායක පොලිස් වසමේ මාදුව ප්‍රදේශයේදී සගවා තිබූ අත්බෝම්බයක් පොලිස් නිළධාරින් වෙතට එල්ල කළ සැකකරුවෙකුට පොලිස් නිළධාරීන් විසින් සිදුකල වෙඩි තැබීමකින්එම සැකකරු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ හිනටියන, මිනුවන්ගොඩ ලිපිනයේ පදිංචි මාදම්පගේ බුද්ධික දිනේෂ් සෝමවංශ ද සිල්වා නමැති 32 හැවිරිදි විවාහකයෙක්.

සැකකරු අද (23) අලුයම් කාලයේ මීගමුව කොට්ඨාස අපරාධ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමවලදී කටුනායක, මාදුව ප්‍රදේශයේ වඟුරු බිමක අත් බෝම්බයක් සහ පිස්තෝලයක් සඟවා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

පසුව එම ආයුධ සොයා සැකකරු එම ස්ථානයට රැගෙන ගොස් ඇති අතර, එහිදී සැකකරු විසින් සඟවා තිබූ අත්බෝම්ම්බයක් පොලිස් නිලධාරීන් වෙත එල්ලකිරීම උත්සහ කිරීමේ දී පොලිස් නිලධාරීන් විසින් වෙඩිතබා ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් තිබෙනවා.

මියගිය සැකකරු ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බවකියන ‘හිනැටියන මහේෂ්’ නැමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
13
අවුල් වගේ !
0
හරි හිනා !
9
හම්මෝ !
2
මාර දුකයි !
7
මලපනිනව !
3
කුජීතයි !
5
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?