මිරිහාන මාදිවෙල පාරේ ආපනශාලාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් අලෙවි සැලක් හා තැබෑරුමක් ඊයේ රාත්‍රියේ වටලා රුපියල් ලක්ෂ දහයකට ආසන්න මත්පැන් තොගයක් සමග හිමිකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.
සැකකරු එම ස්ථානයේ ගබඩා කර තිබූ ඉහළ මිල ගණන් වල මත්පැන් බෝතල් 57 ක් බීර තොගයක් හා නීති විරෝධී දුම්වැටි තොගයක් පොලිස් භාරයටගැනුණා.
මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ මාදිවෙල පාරේ නාම පුවරු පවා ප්‍රසිද්ධ කර තිබෙන මෙම හෝටලය තුළ රජයේ මත්පැන් වලට නීති විරෝධී මත්පැන් කලවම් කර අලෙවි කර ඇති බවටත් පොලිසිය සැක කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි













