ආනයනික පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර මිලියන 02කට ආසන්න තොගයක් මෙම සතිඅන්තයේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් මෙම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිතයි.

මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය ද මෙයයි.

රට තුළ පවතින බිත්තර හිඟය සහ මිල පාලනයට පියවරක් ලෙස බිත්තර ආනයනට කිරීමට පසුගිය දා තීරණය කළා.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පසුව දැනුම් දුන්නේ මෙලෙස ආනයන කරනු ලබන බිත්තර බේකරි නිෂ්පාදන කටයුතු සඳහා පමණක් යොදා ගැනීමට නියමිත බවයි.

ඒ, අනුව ආනයනික බිත්තර වෙළඳපොළ තුළ පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට අවසර හිමි වන්නේ නැහැ.

මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?