ආනයනය නතර කරනවා නම් මිල අඩු කරනවා – බිත්තර නිෂ්පාදකයන් කියයි

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලකට බිත්තර අලෙවි කිරීමට හැකියාව පවතින බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා.

ශ්‍රී ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක කියා සිටියේ මහජනතාවට සුදු බිත්තර රුපියල් 43කට සහ සහ දුඹුරු බිත්තර රුපියල් 45ක් වැනි මුදලකට රට පුරා ආර්ථික මධ්‍යස්ථානවල සහ විවෘත වෙළඳපොලේ මිලදී ගත හැකි බවයි.

එබැවින් දේශීය කුකුළු කර්මාන්තයට විශාල බලපෑමක් ඇති කර ඇති බිත්තර ආනයනය නතර කරන ලෙසටයි ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ කුකුළු ගොවීන් සඳහා සහනාධාර, දිරිගැන්වීම් සහ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමට රජය බදු සහන ලබාදිය යුතු බවයි.

රට බිත්තරවලින් ස්වයංපෝෂිත කිරීමට එය හේතු වනු ඇති බවටයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම තරුණ තරුණියන් 20,000ක් පමණ පුහුණු කිරීමෙන් පසු කුකුළු ගොවිපළ 15,000ක් මේ මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද සරත් රත්නායක මහතා සඳහන් කළා.

දෛනික දේශීය පරිභෝජනය සඳහා බිත්තර මිලියන හතකට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත් දැනට නිෂ්පාදනය කරන්නේ බිත්තර මිලියන හයක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වෙළෙඳ පොළේ පවතින බිත්තර හිඟය සහ මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන මේ වසර මුලදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබුවා.

ඉන්දියාවෙන් ගෙන්වූ එම බිත්තර ලබා දුන්නේ බේකරි සහ හෝටල් හිමියන්ට පමණක් වන අතර දේශීය නිෂ්පාදකයින් බිත්තර මිල අඩු නොකළහොත් ආනයනික බිත්තර විවෘත වෙළෙඳපොළේ අලෙවි කිරීමට ද බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
25
+1
3
+1
1
+1
8
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?