ආදරේ නාමයෙන් ලැඟුම්හලකට ගොස් පෙම්වතියට හදි කළ පෙම්වතා

ඔක්කම්පිටිය පොලිස් වසමේ පදිංචි තරුණියක ලැඟුම් හලකට කැඳවාගෙන ගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ඇයගේ සැකකාර පෙම්වතා පෙරේදා (06 දා) මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු කොළඹ ප‍්‍රදේශයේ සැඟවී සිටියදී උපාය දූතියක මගින් අදාළ තරුණිය ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුමක් ලබාදී ඔහු ඔක්කම්පිටිය ප‍්‍රදේශයට ගෙන්වා ගෙන තිබේ.

එසේ පැමිණි අවස්ථාවේදී මග රැකසිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ස්ත‍්‍රී දූෂණ ගණනාවකට සම්බන්ධ පොලිසියට අවශ්‍යව සිටි අයකු බව පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

ඔහු විසින් පෙම්වතියන් කිහිපදෙනකුගේ නිරුවත් ඡුායාරූප, වීඩියෝ දර්ශන ලබාගෙන ඥාතීන්ට සහ අන්තර්ජාලයට මුදාහල බවට තොරතුරු ලැබී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?