සමාජ මාධ්‍ය ඔස්සේ කුමන මත ප්‍රචාරය වුවද ඉදිරි මාස කිහිපය තුළ තත්ත්වය ආපසු හරවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඊයේ (29) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
“ෆේස්බුක් එක බැලුවාම JVP එක හරියට නිකන් අනුර දිසානායක ඉළඟ ජනාධිපති වෙලා. සජිත් ප්‍රේමදාස මහත්තයා බෙරිහන්දෙනවා ආයෙ ආණ්ඩු හදන්න කියලා.”
“ඔබට මතක ඇති පහුගිය අවුරුදු පහේ මේ රටේ කොරපු දෙවල්. අවුරුදු 5ක් මේ රට විනාශ කරලා. මේ රටේ සම්පත් දෙපොළ විකුණලා. මේ රට නැතිබංගස්ථාන කරපු මිනිස්සු අද අණ්ඩු හදන්න කතා කරනවා.”
“ඔය සමාජ මාධ්‍යවල මොන දේ කිව්වත් ඉදිරි මාස 6,7 තුළ අපි මේක අනිත් පැත්ත හරවනවා. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි කියලා මට නම් හිතෙන්නේ. තාම පහුගිය කාලේ හොරුන්ට ගැහුවේ නෑ.”
“හෙට අනිද්ද වෙනකොට ඔය ආණ්ඩු ගන්න ඉන්න අය ගණනාවකට යන්ඩ වෙනවා. ඒ අය කරපු සියලු දේවලට ඒ අයට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා.”