හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් අතර හමුවක් ඊයේ (23) රාත්‍රියේ සිදු වුණා.
ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේදීයි.
එම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරද එක්ව සිටි අතර, ඊට සහභාගි වූ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ආණ්ඩුවට ඉදිරිපත් කරන යෝජනාවලිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.
මෙම සාකච්ඡාවේ දී පවතින බලශක්ති අර්බුදය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වුණේ.
රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සකස් කරන ලද යෝජනාවලිය ලබන මස 02 වනදා ආණ්ඩුවට භාරදීමට නියමිතයි.
පවතින ඩොලර් අර්බුදය, විදුලි සහ ඉන්ධන අර්බුද සම්බන්ධයෙන් මෙන්ම ඉහළ යන ජීවන වියදම මගහරවා ගැනීමට අදාළ කරුණු ආණ්ඩුවට ඉදිරිපත් කරන මෙම යෝජනාවලියට ඇතුළත් බවයි වාර්තා වන්නේ.