ආණ්ඩුකාරවරුන්ට ලැබුණු වගකීම්

පළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිම තුළ පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබෙනවා.ආණ්ඩුකාරවරු මේ පිළිබඳ ලිඛිතව දැනුවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ

වර්තමාන අභියෝගාත්මක කාලසීමව තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කරමින් මහජන සේවා ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම අතිශයින් වැදගත් බවත් එම නිවේදනයේ සඳහන්.

පළාත් සභා පරිපාලනය, සංවර්ධන කටයුතු හා පළාත් සභා වියදම් කළමනාකරණය කිරීමේදී ජාතික ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා සමග අනුගතව කටයුතු කිරීම මෙන්ම ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම ඉතා වැදගත් බවද එහි දක්වා තිබෙනවා.

තම පළාතේ සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගැනීමේදී මෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරු පළාතේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනාධිපති කාර්යාලය සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු බවට ලිපියෙන් දන්වා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?