අහුංගල්ලේ දුම්රිය අනතුරුවලින් දෙදෙනෙක් ජිවිතක්ෂයට

අහුන්ගල්ල පොලිස් වසමේ වෙරළබඩ දුම්රිය මාර්ගයේ මිද්දරමුල්ල සංඥා කණුව අසලදි ගාල්ල සිට මරදාන දක්වා ගමන් කරන දුම්රියක ගැටී අද උදෑසන 7ට පමණ මිද්දර මුල්ල ප්රදේශයේ පුද්ගලයෙකු මියගොස් ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදින්චි 30 හැවිරිදි නාමල්මුනි නාලක ද සිල්වා නමැත්තෙකි.ඔහු අබාධිත තත්වයෙන් පසු වුන අයෙකි.
මෘත දේහය දැනට බලපිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර අහුන්ගල්ල පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

මේ අතර ඊයේ දිනයේදී අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය දුමිරිය හරස් මාර්ගය හරහා ගමන් ගත් ත්‍රිරෝද රථයක් වසා තිබු රේල් ගෙට්ටුවෙි වැදී එවිට කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වු දුමිරියේ ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ 40 හැවිරිදි විවාහකයෙකු වන නාමල් සුසන්ත නැමැත්තායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?