අහිතකර වායු තත්වයන් ගැන නව නිවේදනයක්

අද දිනය තුළ පවතින වායු දූෂණ තත්ත්වය සෞඛ්‍යමය වශයෙන් අහිතකර නොවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවනසවා.

ඒ අනුව දිවයින තුළ පවතින අයහපත් කාලගුණ තතත්වයත් සමඟ මෙම වායු දුෂණය තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද බලාපොරොත්තු විය හැකි බවයි එම ආයතනය පවසන්නේ.උතුරු, වයඹ බස්නාහිර සහ උතුරු මැද පළාත්වලද නාගරික ප්‍රදේශයන්හි මෙම තත්ත්වය විටින් විට වෙනස් විය හැකි බව සඳහන්.

මන්නාරම සහ පොළොන්නරුව ප්‍රදේශවල වායු දර්ශක අගයේ ඉහළ යාමක් පෙන්නුම් කළ ද එම තත්ත්වය ඒ ප්‍රදේශවලට පමණක් බලපාන තාවකාලික හේතූන් මත පමණක් පෙන්නුම් කරයි .

වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වායු දූෂණ මට්ටමේ අගය ඊයේ 191 ක් ලෙස දැක්වුනත් අද එය 123 දක්වා අඩුවී තිබුණි.

බදුල්ල දිස්ත්‍රික්කයේ අගය 169 සිට 89 දක්වා පහළ බැස තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඊයේ අගය 155 ක් වූ අතර එම අගය අද දැක්වුණේ 97 ක් ලෙසය.

එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ වායු දූෂණ අගය 146 සිට 97 දක්වාත්, මහනුවර දිස්ත්‍රික්කයේ 126 සිට 106 දක්වාත් පහළ බැස තිබීම විශේෂත්වයකි.

මීට අමතරව අගය 114ක පැවැති රත්නපුර වායු දූෂණ මට්ටමේ අගය 77 දක්වාත් , අගය 106 පැවැති කුරුණෑගල වායු දූෂණ මට්ටමේ අගය 100 දක්වාත් පහළ බැස තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?