spot_imgspot_img

අහසට වෙඩි තැබූ හිටපු මන්ත්‍රීට ඇප

සාපරාධී බිය ගැන්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක පී. ඩී. අබේරත්න ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ සැකකරු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කරන ලෙසටයි මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේ.

ඊට අමතරව විදේශ ගමන් තහනමක් පනවමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දීමට ද ගිනි අවිය භාරයට ගෙන ආරක්ෂක අමාත්‍යාංශය හරහා එහි බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

හොරණ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකාර හිටපු මන්ත්‍රීවරයා සතුව තිබී මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවිය සහ සහ ජීව උණ්ඩ තුනක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

මන්ත්‍රීවරයා හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ඇති වූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමේදී වෙඩි තැබීම සිදු වී ඇතැයි සඳහන්.

මන්ත්‍රීවරයා ඔහු සතුව තිබූ ගිනි අවියෙන් අහසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුවයි සැකකාර මන්ත්‍රීවරයා සාපරාධී බියගැන්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?