අසල්වැසියාගේ පිහි පහරින් විසිහතරේ තරුණයා ජීවිතක්ෂයට

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පොළොන්නරුව, ගල්ලෑල්ල, සුවසෙත ගම ප්‍රදේශයේ තරුණයෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ තරුණයා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ තරුණයා තවත් මිතුරන් දෙදෙනෙකු සහ අසල්වාසියෙකු අතර ඇති වූ ආරවුලක දී අසල්වැසියා විසින් මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා විමර්ශනයක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
3
+1
2
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?