Empty Ad
Empty Ad
AFC Banner

අශෝක රංවලගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

කතානායක අශෝක රංවලගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා.

ඒ බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

කතානායක අශෝක රංවල සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඊයේ (14) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ, තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව සමාජය තුළ මතුව තිබූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්.

ඉල්ලා අස්වීමට පිළිබඳව පිළිබඳව අශෝක රංවල නිකුත් කළ නිවේදනයේ දක්වා තිබුණේ තම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීම මේ මොහොතේ අපහසු බවයි.

මෙරට12 වන කතානායකවරයා ලෙස 10 වන පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කරගත් අශෝක රංවල ඊයේ (13) දිනයේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වන විට දින 22ක් එම තනතුරේ කටයුතු කර තිබුණා.

ඒ, අනුව ඔහු අඩුම කාලයක් කතානායක ධුරයේ කටයුතු කළ පුද්ගලයා ලෙසට ඉතිහාසයට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
10
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?