දිවුලපිටිය, ඉඳුරාගාර ප්‍රදේශයේ ලක්ෂ හයක් පමණ වටිනා බලපත්‍ර නොමැති ලී තොගයක් සමග සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසියේ මෙහෙයුම් කණ්ඩායම සමත් වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අකරගම, ඉඳුරාගාරයේ, පින්නකැලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.
ඔවුන් ලි පැටවූ ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අවුරුදු දොළහක් තිස්සේ මෙම නීති විරෝධී ලී ජාවාරම කරගෙන ගිය බව මීගමුව මෙහෙයුම් කණ්ඩායමට පාපොච්චාරනය කර ඇති බවට වාර්තාවනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දිවුලපිටි පොලිසිය වෙත බලපත්‍ර නොමැති ලී සමග සැකකරුවන් තිදෙනා සහ ලොරි රථය දිවුලපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
සැකකරුවන් තිදෙනා මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.















