අවුරුදු 11 දියණිය කෙලෙසූ පියෙක් පොලිස් අත්අඩංගුවේ

තම බාල වයස්කාර දියණියට ලිංගික අතවර කළ බව කියන පියෙක් මදුරන්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය, මුක්කුතොඩුවාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙක්.

තම දියණියට සැමියා විසින් ලිංගික අතවරයක් සිදුකර ඇති බවට මව විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (01) දහවල් කාලයේ බිරිඳ ඉද්දමල් නෙලීමට ගොස් සිටි අවස්ථාවේ සැකකරු නිවස තුළදීම දියණියට ලිංගික අතවර කර ඇති බවයි පොලිස් විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකාර පියා මීට පෙරද දියණියට බාහිර ලිංගික අතවරයන් අවස්ථා කීපයකදී සිදුකර ඇති බවට ද විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

අතවරයට පත් අවුරුදු 11ක දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
23
+1
0
+1
1
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?