spot_imgspot_img

අවුරුදු නවයේ දරුවාට කුරිරු වූ සුළු පියා අත්අඩංගුවට

වයස අවුරුදු 09ක දරුවෙකුට බීමතින් පැමිණ අමානුෂික අන්දමින් පහරදුන් බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දරුවාගේ සුළු පියා බව කියන පුද්ගලයෙකු බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ලිහිණියාව, හලවැල්කැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දරුවාගේ මව දරුවා සුළු පියා භාරයේ තබා විදේශ ගතව සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකාර සුළු පියා බීමත්ව පැමිණ දරුවාට අතින් පයින් පහරදෙන බවට ලද තොරතුරක් මත ඔහුව ඊයේ (18) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහර කෑම්වලින් තුවාල ලබා සිටි දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකරන බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?