අවුරුදු ගානක් එකට මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් මට තවම ලැබිල නෑ

හසිත විජේවර්ධන කියන්නෙ නව පරපුරෙන් බිහිවුණු දෙරණ පවුලේ දක්ශ නිවේදකයෙක්.හසිත මේ දවස් වල ලංකාවෙ ගොඩක් ජනප්‍රිය චරිතයක්.දෙරණ නාලිකාවේ සංකේත බඳු මේ නිවේදකයන් අවංකවම බොහෝ නිහතමානී පුද්ගලයන්.ඉතිං අද අපි කතා බහ කලේ හසිත විජේවර්ධන සමඟින්..

හසිත…ආයුබෝවන්

ආයුබෝවන් !

හසිත කොහොමද මේ දවස් වල?

මේ දවස්වල සාමන්‍ය පරිදි වැඩ ටික කරගෙන යනවා හැබැයි අමාරුවෙන්.තෙල් ප්‍රශ්නය සහ රටේ අනෙකුත් ප්‍රශ්න නිසා අපිටත් වැඩ කරගෙන යන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ.වැඩසටහන කරන්නත් අමාරුයි.මොකද යන්න එන්න තියෙන ප්‍රශ්න හින්දා.මං දැන් වැඩට යන්නේ බස් එකේ මේ තෙල් ප්‍රශ්නය නිසා.මොකද අපිට work from home වැඩ කරන්න බෑ.

ජීවිතය කොහොමද ගෙවෙන්නේ?

අපි ගත කරපු ජීවිතෙන් නම් දැන් පොඩ්ඩක් ඈත්වෙලා.එහෙ මෙහෙ යන්න විදියක් නෑ.ආතල් ගන්න විදියක් නෑ.ෆන් එකේ ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා හිටිය ජීවිතේ වෙනස් වෙලා.ඒවත් එක්ක හිර වෙලා තමයි ඉන්නේ.

හසිතගේ පවුලේ විස්තරත් දැනගන්න අපි කැමැතියි..?

මම දැනට ඉන්න මගේ අම්මයි තාත්තයි එක්ක.මගේ අයියා රජිත විජේවර්ධන.එයා මැරි කරලා වෙනම ජීවත් වෙන්නෙ.එයාට බබෙක් ඉන්නවා.තාත්තා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙ මුලින් සේවය කළා.ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ මාධ්‍ය කළමනාකරු විදියට අවුරුදු පහලොවක් වැඩ කළා.අම්මා නම් ගෙදර ඉන්නෙ.මගේ දේවල් ගොඩක් බලා ගත්තේ අම්මා.මගේ ශක්තිය තමයි අම්මයි තාත්තයි.අදටත් මගේ වැරදි අඩුපාඩු හදන්නේ ඒ දෙන්නා.

හසිත කියනවාටත් වැඩිය හසිත ක්ෂේත්‍රයේ හරිම ජනප්‍රියයි ලැරී කිව්වම.ඇත්තටම කොහොමද මේ ලැරී කියන නම වැටුනේ?

ඇත්තටම පොඩි කාලේ අපි අයියට කියපු නමක් තමයි ලැරී කියලා කියන්න.ඊට පස්සේ අයියගෙ යාලුවො මට කියන්න ගත්තා පොඩි ලැරී කියලා.ඊට පස්සෙ මගේ යාළුවොත් මට ලැරී කියන්න ගත්තා පොඩිම කාලෙ.මම පොඩි කාලේ නිවේදනය කරනවා වගේම ඉස්කෝලෙ වේදිකා නාට්‍යවලත් හිටියා. ලංකාවේ රාජ්‍ය නාට්‍ය උළෙලේ ලංකාවෙන්ම පළවෙනියා වෙච්ච පාසල් නාට්‍යයේ මගේ චරිතය වුනෙත් ලැරී.ඒක ඉස්කෝලේ ගොඩක් ජනප්‍රිය වුණා.ඊට පස්සේ ඉතිං ලැරී කියන නම මට රෙජිස්ටර් උනා.

ලැරී කියන නම ගොඩක්ම ජනප්‍රිය වුණේ මම දෙරණට ආපු මුල් දවස්වලම අපේ ඉස්කොලේ හිටිය අය මට ඒ නමින්ම කතා කරන්න ගත්තා.මගේ පාසල තර්ස්ටන් විද්‍යාලය.චතුර අයියත් මට කතා කරේ ලැරී කියලා.මොකද පුරුද්දට.ඊට පස්සේ channels වල වැඩ වලට එලියට ගියාම ඒ අයත් මට ලැරී කියලා කතා කරන්න ගත්තා.පස්සේ මම programme එකක් කරා පට්ට පට පට කියලා.ඒකෙත් ඒ නම තමයි පාවිච්චි කලේ එක විනෝදාත්මක වැඩ සටහනක්. එහෙම තමයි ලැරී ජනප්‍රිය වුණේ..

හසිතගේ ජීවිතය හීනයක් තිබ්බද රූපවාහිනී නාලිකාවක් තුළට ඇවිල්ලා නිවේදකයෙක් වෙනවා කියලා?

ඇත්තටම ජීවිතේ හීනයක් තිබ්බෙ නම් නැහැ නිවේදකයෙක් වෙන්න.හැබැයි මට ආසාවක් තිබ්බා හැමෝම දන්න කියන හැමෝම ප්‍රශංසා කරන සමාජයේ හැමෝම දන්න චරිතයක් බවට පත් වෙන්න.

දෙරණටත් ගියේ නිවේදකයෙක් වෙන්න නෙමෙයි.news reporting වලට තමයි මම ගියේ.ප්‍රවෘත්ති වාර්තාකරණ කටයුතු කරන්න ගියාම එක එක තැන් තැන්වලට ගිහාම ඒ ඒ සිද්ධීන් වලට මට සජීවී තොරතුරු දෙන්න වුණා.ඊට පස්සේ මට වැඩසටහන් හම්බුනා පළවෙනි එක තමයි පට්ට පට පට වැඩසටහන.ගොඩක් අය අතරට ගියා “මොකද උනේ “වැඩසටහන හරහා.

ඊට පස්සේ සජීවීව තොරතුරු ගෙන එන කටයුතුවලදී මම ක්‍රියාකාරීව වැඩ කළා.ගොඩක් සිද්ධීන්වලදී දෙරණෙන් තෝරගත්තෙ මාව මොකද මම සරලව පැහැදිලිව සජීවී තොරතුරු කියන නිසා.ඒ විදියට තමයි මම නිවේදකයෙක් වුණේ.

නිවේදකයෙක් වෙන එක ලේසි නෑ.හසිත කොහොමද මේ ගමන ආවේ?

මුලින්ම මම මගේ පාසල තර්ස්ටන් විද්‍යාලයෙන් තමයි මාධ්‍ය කටයුතු පටන් ගන්නේ.තර්ස්ටන් විද්‍යාලය තිබ්බ එක එක උත්සව වල නිවේදන කටයුතු මම කළා.පාසලේ කලා කටයුතු වගේම නාට්‍ය කටයුතුත් කරගෙන යන අතරතුරේ දී මට අවස්ථාව ලැබුණා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අතුරු මිතුරු වැඩසටහනට සම්බන්ධ වෙන්න.ඒ මගෙ පාසල හරහා..ඒක තමයි මගේ මුල්ම රූපවාහිනි අත්දැකීම.

ඉතින් ඒ අත්දැකීමුත් එක්ක අපේ තාත්තාගේ ඇඳුරුම්කමකුත් එක්ක මට දෙරණට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා උසස්පෙල කර කර ඉන්නකොට. ට්‍රේනිං තමයි මම හිටියෙ.උසස් පෙල කරන ගමන් මම වැඩ කලා.ඊට පස්සේ ට්‍රේනින් එක ඉවර වෙනකොටම ආයතනයෙන් මාව ක්‍රීඩා පුවත් වාර්තාකරුවෙක් විදිහට බඳවා ගත්තා.ඔහොම තමයි ඉතින් පටන් ගත්තෙ .

ඊට පස්සේ සාමාන්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයට මම යොමු වුණා.ඊට පස්සේ දේශපාලන පුවත් වාර්තාකරණයට යොමු වුණා.ඊට පස්සේ පාර්ලිමේන්තු වාර්තාකරණය වගේ ගොඩාක් දේවල් මම ප්‍රවෘත්ති වාර්තාකරණ ඇතුලෙ ඉදන් කළා.

දැන් හසිතට වයස කීයද?

වයස කියන්නම් ලැජ්ජාවක් නෑ තාම තිස් දෙකයි.හැබැයි ගොඩක් අය හිතන් ඉන්නෙ මම ඊට වඩා වයසින් අඩුයි කියලා.ඒ මගේ පොඩි පෙනුම නිසා

හසිත කියන්නේ කියන්නේ ලංකාවේ තරුණියන් අතර හරිම ජනප්‍රිය කෙනෙක්.ඇත්තටම හසිතට කෙල්ලො පිස්සු වැටෙන්න හේතුව මොකක්ද?

ඇත්තටම මම දන්නෙත් නෑ මගේ මොකකට කෙල්ලො පිස්සු වැටිලා ඉන්නවාද කියලා.කොහොම වුනත් මමත් ඒක අත්දැක්කා අන්තිම අවුරුදු කීපයේදී.සෝෂල් මීඩියා වල දී වැටෙන තරුණියන්ගේ comments වගේම පාරෙදි හම්බ වෙලා පාරෙදි හම්බ වෙලා කතා කරන දේවල් එක්ක තරුණියන්ගේ විතරක් නෙමෙයි වයස අයගේ තරුණයන්ගේ මේ හැමෝගෙන්ම මට ලැබෙන ප්‍රතිචාර ඇත්තටම හොඳයි.

ගොඩක් අය මාව හමුවුණාම මාව අගය කරනවා..මම ඒවා ගොඩක් නිහතමානීව පිළිගන්නවා.කතා බහ කරනවා.ගොඩක් සතුටුයි ඒ ප්‍රතිචාර වලට.හැමදාම මාත් එක්ක ඉන්න කියලා තමයි මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ..ගුණ දොස් කියන හැමෝටම මං ආදරෙයි.

හසිත තනිකඩයි ද නැත්නම් ආදරය කරන්න කෙනෙක් ඉන්නවද?

ඇත්තටම ආදරය කරන කෙනෙක් නැහැ මම තාම තනිකඩයි.අවුරුදු ගාණක එෆෙයාර් එකක් බ්‍රේක් වුණා.ඒ 2017 අවුරුද්දේ..ඊට පස්සෙ මම ගොඩක් සැලකිලිමත් වෙනවා ආදරේ කරන කෙනෙක් හොයාගන්නවා කියන කාරණාවෙදි.නමුත් මම එහෙම මාර දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ ආදරේදි.මට හිතට එකඟව අවුරුදු ගානක් එකට මාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් මට තවම ලැබිල නෑ.තාම මට ආදරේ ලබන්න වාසනාවක් නැතුව ඇති.බලාපොරොත්තුවෙන් ඉන්නවා හොඳ කෙනෙක් ලැබෙයි කියලා.

හසිත නිර්වචනය කරන විදියට නිවේදකයෙක් කියන්නේ කවුද?

නිවේදකයෙක් කියලා කියන්නේ සරලවම ගත්තොත් මහ ජනතාවගේ නියෝජිතයෙක්.මහ ජනතාවගේ ප්‍රශ්න ගැටලු කතා කරන වගේම මහජනතාවට තොරතුරු දෙන,විනෝදාස්වාදය දෙන කෙනෙක්..

නිවේදකයෙක් ට ලොකු වගකීමක් තියෙනවා ඒ තමයි පුළුවන් තරම් සමබරව වගේම ජනතාවගේ පැත්තේ ඉදන් තොරතුරු වාර්තා කරන එක.නිවේදකයෙක්ගෙ කාර්යභාරය වර්තමාන තත්වයේදි ඇත්තටම කරන්නත් ටිකක් අමාරුයි.ඒ පවතින මතිමතාන්තර වගේම දේශපාලන වටපිටාව නිසා.මම හැමවෙලාවෙම උත්සාහ කරනවා ජනතාවගේ පැත්තේ ඉදන් ජනතාවට තොරතුරු දෙන්න.

දෙරණ පවුල ගැන මොකද කියන්න තියෙන්නේ?

ඇත්තටම දෙරණ පවුල කියන්නේ මගේ තුන්වෙනි පවුල.අම්මා තාත්තා ඊට පස්සේ මගේ පාසල ඊට පස්සේ තමයි දෙරණ.මම උසස් පෙල කාලෙ ඉදන්ම මම නාලිකාවෙ ඉන්නෙ පවුලක් වගේ අපිට තියන ආදරේ සැලකීම නිසා.

අපිට ලොකු සැලරීස් නෑ.අනිත් නාලිකාවල මගේ යාලුවො කියනවා එයාලගෙ අත්දැකීම් එක්ක දෙරණ කියන්නෙ වෙනමම තැනක්.ඒක අපිට දැනෙනවා.ඒක නිසා තමයි දෙරණින් අයිකන්ස් විදියට ගොඩක් නිවේදක නිවේදිකාවෝ ජනතාව අතරට යන්නෙ.කවුරුත් අයින් වෙලා යන්නේ නැහැ ඒ බැඳීම දෙරණ ඇතුළෙ තියනවා.ඒ සැලකීම අපිට වෙනවා.

මම එක උදාහරණයක් කියන්නම්,අපේ දෙරණ පවුලෙ කාටහරි කරදරයක් උනොත් අපිව අම්මා තාත්තා වගේ බලාගන්නවා…අපේ කැමරා යුනිට් එකේ මල්ලි කෙනෙක් නැතිවුණා..අද වෙනකන් එයාගෙ සැලරි එක ගෙවනවා .එයාගෙ අම්මා තාත්තා වෙනුවෙන් ගෙයක් හදලා දුන්නා.බලාපොරොත්තු වෙන රැකියාවෙන් එහාට දෙයක් අපිට පවුලක් විදියට ලැබෙනවා.

හසිතගෙ ඉදිරි වැඩ වැඩ කටයුතු මොනවාද?

මගේ ඉදිරි වැඩ ගැන කියනවා නම් මම රැකියාව කරන අතරේ පෞද්ගලික ව්‍යාපාරයක් කරගෙන යනවා.රැකියාව කරන අතරම ඒක දියුණු කර කරගැනීම ඉදිරියේ තියෙන මගේ ප්‍රධානම ඉලක්කයක්.රටට වැඩදායී වගේම රට මේ වැටිල තියෙන තත්වෙන් ගොඩ ගන්න පුළුවන් ජනතාවගේ තියන සෘණාත්මක මතය නැති කරලා ධනාත්මක මතයන් ඇති කරන්න පුළුවන් වැඩ ගොඩක් අපි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා .

“මොකද උනේ ” වැඩසටහන හරහා රටේ වෙන වැරදි දේවල් රටට හෙළි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.හැමවෙලේම ජනතාවට දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News

239412937 10222653388556789 5112643492693329936 n
e99c79c1 d08c 4fdf 9c53 2639141eecbe
123331068 10220733154632141 5747391182202209271 n
63ba94c5 0857 4250 8361 821de49393f8
4bc3cf56 8c24 40fb 8ec2 364df284e085
168bf716 82e3 49f0 a3f5 d4fe3b1ae8e5
1ce4f740 a7f5 4258 8ce8 0142cfedfaed
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
15
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?