අල ලූනු මිල පහල යයි – සහල් ආනයනයක් නැහැ

පිටකොටුව තොග වෙළඳපොලේ අල සහ ලූනු මිල පහත වැටී තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සංගමය පවසන්නේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 130 සිට 95 දක්වා පහත වැටී ඇති බවයි.ආනයනික අර්තාපල් මිල ද කිලෝවක් රුපියල් 150 සිට 130 දක්වා පහත වැටී තිබෙනවා.

මේ අතර යල කන්නයේ සහ මහ කන්නයේ අස්වැන්න සාර්ථක වී ඇති බැවින් ඉදිරියේ දී සහල් ආනයනය කිරීමට සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

නියඟ තත්වයක් හෝ ගංවතුර තත්වයක් වැනි ස්වභාවික ආපදාවන් ඇති නොවුනහොත් ඉදිරියේදී සහල් අතිරික්තයක් ඇතිවිය හැකි බවයි ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?