අලුත් මුහුණුවරකින් හිටපු ජනපති ට්‍රම්ප් 2024 ජනපති සටනට

හිටපු අමෙරිකානු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණය සඳහා වන ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.ඒ, දකුණු කැරොලිනා සහ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තවලිනි.

දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වන ඝෝෂාකාරී රැලිවලින් බැහැරව කුඩා පරිමාණයේ රැස්වීම මාලාවක්, ඔහු විසින් ආරම්භකර තිබීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ, රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු පැවසුවේ ට්‍රම්ප්ගේ පාලනයට ඔවුන් කැමත්ත පළ කළද, ඔහුගේ ප්‍රතිපත්තිවල නව මුහුණුවරක් දැකීමට අපේක්ෂා කරන බවයි.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වත්මන් ආණ්ඩුකාරවරයා ඇතුළු රිපබ්ලික් පාක්ෂිකයින් රැසක්, 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම, ට්‍රම්ප් ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?