Empty Ad
AFC Banner
Empty Ad

අලුත්වැඩියා කරන මුවාවෙන් ATM යන්ත්‍රයක මුදල් කොල්ලකයි (වීඩියෝ)

අළුත්වැඩියා කරන මුවාවෙන් ATM යන්ත්‍රයක් කඩා එහි තිබූ මුදල් සොරකම් කරගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් මදුරන්කුලිය පොලිසිය ආරම්භ කර තිබෙනවා.

ඊයේ (07) රාත්‍රී 11.45ට පමණ මෙම කොල්ලය සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මදුරන්කුලිය මංගළඑළිය – 10 කණුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල අසල පෞද්ගලික බැංකුවක් විසින් සවි කර ඇති ATM යන්ත්‍රයක් සැකකරුවන් විසින් මෙලෙස කඩා මුදල් රැගෙන ගොස් ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රී 11.45ට පමණ යතුරුපැදි දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයට පැමිණ ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට ප්‍රකාශ කර ඇත්තේ ATM යන්ත්‍රයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් සඳහා තමන් පැමිණි බවයි.

ටික වේලාවකින් අදාළ පුද්ගලයන් තුන්දෙනා පිටත්ව ගොස් ඇති අතර ඉන්ධන පිරවුම්හලේ සේවකයින් එම අවස්ථාවේ දැක ඇත්තේ ATM යන්ත්‍රය කඩා ඇති බවයි.

ඒ අනුව සිද්ධිය පොලිසියට දැණුම් දීමට එම සේවකයින් කටයුතු කර තිබෙනවා.

ATM යන්ත්‍රයේ තිබී කොපමණ මුදලක් කොල්ලකා ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

https://www.youtube.com/watch?v=pHuADVwWYmk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?