අලාභ ලබන රාජ්‍ය ආයතන තුනක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

මේ වසරේ අවසන් කාර්තුව වනවිට රාජ්‍ය ආයතන කිහිපයක සමස්ත පාඩුව රු බි 4,000ක් පමණ විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එතුමා මේ බව පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“අතුරු අයවැය යෝජනා මගින් පෙන්වා දුන් පරිදි අපි රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදුකළ යුතුය. ඒ යටතේ රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට අපි දැන් මුලපුරා තිබෙනවා. දශක ගණනාවක් පුරා මේ ආයතනවල පාඩුව ඍජුව හා වක්‍රව දැරුවේ මහජනතාව. රාජ්‍ය සම්පත් කියන ලේබලයට මුවා වී මේ ආයතනවල පාඩුව ජනතාව පිට පැටවෙව්වා. 2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසානයේ රාජ්‍ය ආයතන කිහිපයක් ලබා ඇති පාඩුවේ එකතුව සඳහන් කරන්නම්. ලංකා ඛනිජ තෙල් සංස්ථාව රු බි 1,057යි. ලංකා විදුලිබල මණ්ඩලය රු බි 261යි. ශ්‍රීලන්කන් ගුවන් සමාගම රු බි 799යි. මම හිතන්නේ අවුරුද්ද අවසානය වනවිට මේක බිලියන 4,000ක් පමණ අලාභයක් තියෙනවා. මේ බර තවදුරටත් ජනතාව පිට වටවන්න බෑ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර රටට බරක් නොවන තත්ත්වයකට අප ගෙන එනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?