අල්ලස් චෝදනාවකට මන්ත්‍රී ෆවුසිට අධි චෝදනා

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාට අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර තිබෙනවා.

ඒ අනුව ෆවුසි මහතා රුපියල් විසිපන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

2005 වසරේ සිට 2010 වසර දක්වා කාලසීමාව තුළ ආපදාකළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට විදේශයකින් පරිත්‍යාග ලෙස ලද වාහනයක් සිය පෞද්ගලික භාවිතයට යොදා ගැනීම තුළින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න අලාභයක් රජයට සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ෆවුසි මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?