අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ්

පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක අල්ලස් ලබාගත් විදුහල්පතිවරයා ඊයේ (28) පානදුර අතිරේක මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන තිබේ.

අදාළ විදුහල්පතිවරයා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී ඊයේ සවස අත්අඩංගුවට ගැනුණි.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසිනි.

පළමු ශ්‍රේණියට දරුවකු ඇතුලත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක් සැකකාර විදුහල්පතිවරයා විසින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

පසුව එය රුපියල් 150,000ක් දක්වා අඩුකර එය ලබාගැනීමට යෑමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

විදුහල්පතිවරයා අල්ලස් ඉල්ලූ බවට දරුවාගේ පියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරතිබූ පැමිණිල්ලකට අනුව වැටලීම සිදුකර ඇත.

අදාළ විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේදීය.

විදුහල්පතිවරයා අල්ලස් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරිනියක් දරුවාගේ මව ලෙස පෙනීසිටිමින් සැකකරු අල්ලා ගැනීමට සමත්වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05
Video thumbnail
දහස් ගණනකගේ දිවි බේරූ සමන්තට මොරටුවෙන් ඇගයීමක්
01:46


?