අරගලය සමඟ ප්‍රශ්නයක් නෑ, ප්‍රශ්නය ඇත්තේ අරගලකරුවා එක්කයි

පොදුජන පෙරමුණ ආණ්ඩුව මැතිවරණවලට බය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

බොහෝ පිරිස් පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් බිය ගන්නවා නවත්වා ගැනීමේ උත්සාහයක මේ වනවිට නිරතව සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බණ්ඩාරගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට අද (26) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් ආරගලයට පහරදීමට ගිය බවත් තමන් විශ්වාස නොකරන බව සඳහන් කළ මන්ත්‍රීවරයා එම පිරිස් පැමිණියේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණගැසීමට බව සඳහන් කර සිටියා.

අරගලය සමඟ ප්‍රශ්නයක් නොමැති බවත් නමුත් ප්‍රශ්න ඇත්තේ අරගලකරුවා සමඟ බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ලෝකේ කොහේ හෝ බිහිවූ බලවේගයක ඉත්තෙක් බවට අරගලය කරපු දරුවන් පත් වෙනවා නම් ඒ පිළිබඳව ද ප්‍රශ්නයක් ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?