අයි.සී.සීයේ කීර්තිධරයන්ගේ නම් අතරට තවත් විශිෂ්ඨයින් හතක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කීර්තිධරයන්ගේ (Hall Of Fame) ලැයිස්තුවට තවත් 07 දෙනෙකු ඇතුළත් කරන්නට අයි.සී.සීය ඊයේ කටයුතු කළා.

ඒ, අනුව ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි, දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා සහ ග්‍රේම් ස්මිත්, නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි, ඕස්ට්‍රේලියාවේ මැතිව් හේඩන් සහ ක්‍රීඩිකාවන් වන පාකිස්ථානයේ සනා මිර් මෙන්ම එංගලන්තයේ සාරා ටේලර් මෙලෙස අයි.සී.සීයේ කීර්තිධරයන් අතරට ඇතුළත් කර තිබෙනවා.

ලන්ඩනයේ ඇබේ රෝඩ් ස්ටූඩියෝස් හි පැවති උත්සවයක දී මෙම නම් හත ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙම උත්සවය අමතමින් අයි.සී.සී සභාපති ජේ ෂා පැවසුවේ මෙම කීර්තිධරයන්ට තමන් හෘදයාංගම සුබ පැතුම් පිරිනමන අතර, ඔවුන්ගේ ක්‍රිකට් ගමනේ තීරණාත්මක අවස්ථාවක් ලෙස මෙම ලැබිය යුතු පිළිගැනීම ඔවුන් අගය කරනු ඇතැයි බලාපොරොත්තුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
0
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?