අයිස් සමඟ ‘සෝබා’ අල්ලයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (26) සිදුකළ මෙහෙයුමකදී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 41ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උදයංග නොහොත් ‘සෝබා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

සැකකරු සමඟ ඔහු ගමන්ගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?