අයිස් සමඟ අයෙක් STF දැලේ පැටලෙයි

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු පෑලියගොඩ, බුලුගහ හංදිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරී විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 71ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 85,000 කට ආසන්න බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

කැළණිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී අතර අතර, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් රුපියල් 90,000ක මුදලක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?