spot_imgspot_img

අඹ කඩන්න ගිය තරුණයා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

යකඩ කෙක්කකින් අඹ කැඩීමට ගිය තරුණයෙක් විදුලි සැර වැදීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිංගිරිය – පන්සල පෙදෙස පදිංචිව සිටි චතුර රශ්මික නැමැති 16 හැවිරිදි අයෙක්.

මොහු ඊයේ (16) පස්වරුවේ බිංගිරිය රෝහල අසල ඇති අඹ ගසකින් අඹ කැඩීම සඳහා යකඩ කෙක්කක් ද රැගෙන එම ගසට නැඟ තිබෙනවා.

එහිදී මොහු අත තිබූ කෙක්ක ඒ ආසන්නයෙන් ඇද තිබූ අධි බලැති විදුලිය රැහැනක පැටලී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී විදුලි සැර වැදී අනතුරට පත්වූ තරුණයා ප්‍රතිකාර සඳහා බිංගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ගතකළ කළ ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් හලාවත මහා රෝහලට මාරු කර යවා ඇති අතර, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම තැනැත්තා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?