අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකාවේ ලාස් වේගාස්හි නෙවාඩා විශ්වවිද්‍යාලයේ මෙම වෙඩි තැබිමෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදෙස් වාර්තා සඳහන් කළේ ආරක්ෂා අංශ සිදු කල වෙඩි තැබීම වලින් වෙඩික්කරුද මියගොස් ඇති බවයි.වෙඩිතැබීම් හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර වෙඩි තැබීම සිදුකළ සහ මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිළි තොරතුරක් වාර්තාවී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
+1
+1










