අම්බලන්ගොඩදී බසයකට යටවී පුද්ගලයෙකු මරුට

අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොලට බස් රථයක් අද (19) සවස ඇතුළු කිරිමට යාමෙදි එයට යටවි තුවාල ලැබු පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හිපන්කන්ද, නවඳගල පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

අලුත්ගම සිට අම්බලන්ගොඩ දක්වා ධාවනය වු පුද්ගලික බස් රථයක් ගමනාන්තයේදි බස් රථය බස් නැවතුම්පොළට ඇතුලත් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට (20) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුර සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?