අභිරහස් ලෙස මිය ගිය නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

අභිරහස් ලෙස මිය ගොස් ඇති නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් තුන් මහල් ගොඩනැගිල්ලක තිබී හමුවූ බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කරයි.

මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි හලාවත ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු නවීන් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් මූලික නිරීක්ෂණ කටයුතු සිදුකර තිබේ.

අනතුරුව දිසා විනිසුරුවරයාගේ නියමය පරිදි මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත මහා රෝහලට ගෙන යාමට කටයුතු කර ඇත.

මළ සිරුර හමුවී ඇති ගොඩනැගිල්ල තුළ ඉස්සන් සඳහා යොදන ආහාර ගබඩා කර තිබුණු බවට වාර්තා වේ.‍

එම ගොඩනැගිල්ලෙන් දින කිහිපයක් පුරා දුගඳක් පිටවීම නිසාවෙන් ප්‍රදේශවාසීන් සෝදිසි කර බැලීමේ දී ඊයේ (25) දහවල් මළ සිරුර දැක තිබේ.

ගොඩනැගිල්ලේ තුන්වන මහලේ කාමරයක ඇඳක් මත කොටස් දෙකකට වෙන්ව මළ සිරුර තිබී ඇති අතර, එහි අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?