අපේක්ෂකයෙකුට, ඡන්දදායකයෙක් සඳහා වියදම් කළ හැකි මුදල රුපියල් 20යි

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයෙකුට මැතිවරණය වෙනුවෙන් වියදම් කළ හැකි මුදල සීමා කර තිබෙනවා.

එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි මුදල තීරණය කිරීමට පසුගිය 24 වනදා සම්මත වූ මැතිවරණ ප්‍රචාරක වියදම් පාලන පනත මගින් කොමිසමට බලය පැවරී තිබෙනවා.

ඒ අනුව එක් අපේක්ෂකයෙකුට, එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 20 ක්.

ඊට සියලු සංග්‍රහ සහ ප්‍රචාරණ වියදම් ද ඇතුලත් බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කළේ.

සභාපතිවරයා කියාසිටියේ මෙම තීරණය සම්බන්ධයෙන් සියලු පක්ෂ කැඳවා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බවයි.

උදාහරණයක් ලෙසට එක් ඡන්ද කොට්ඨාශයක ඡන්ද දායකයන් 1000ක් සිටින්නේ නම් අපේක්ෂකයෙකුට ඔවුන් වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රුපියල් 20000ක් බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැහැදිළි කළේ.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වූ බවට තමා දැනුවත් වූයේ ද මාධ්‍ය වාර්තාවලින් බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?