අපරාධකරුවෙකුට කටුනායක පොලිසියෙන් පනින්න උදව් කළ තවත් 04 ක් අත්අඩංගුවට

කටුනායක පොලිස් අත්අඩංගුවේ සිටයදී මිනීමැරීම් චෝදනා එල්ලවූ සැකකරුවෙකුට පැන යෑමට උදව් කළ තවත් හතර දෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ප්‍රධාන සැකකරුට පොලිසියෙන් පැන යෑමට ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර එම පහසුකම සපයා දීමට හා අත්අඩංගුවට ගත් සැකකරුවන් විවිධ ප්‍රදේශවලට යෑමට භාවිත කළ මෝටර් රථ දෙකක් ද පොලිසිය භාරයට ගැනුණා.

මීගමුව,මිනුවන්ගොඩ සහ කටුවැල්ලේගම පදිංචි එම සැකකරුවන් සිව් දෙනා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?