Fly high Get bonus Aviator Phone

අපරාධකරුවන්ට රටින් පනින්න පාස්පෝට් හැදූ තිදෙනෙක් අත්අඩංගුවට

විවිධ අපරාධකරුවන්ට රටින් පැන යාමට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස් කළ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් දෙදෙනා කඩවත ප්‍රදේශයේ දී පසුගිය දා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මොවුන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී මොවුන්ට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙක් ද හෝමාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 52,54 සහ 58 යන වයස්වල පසුවන කිරිල්ලවල, පිළියන්දල සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් තිදෙනා රැඳවුම නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?