අනුර කුමාරගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක්

ජාතික ජන බලවේගයේ අද (30) පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබේ.

පාක්ෂිකයන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ පුද්ගලයින් දෙදෙනෙක් අල්ලාගෙන පොලීසියට භාරදී තිබුණි.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්ක සමුළුව අද පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වුණි.

සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එම ස්ථානයට පැමිණෙමින් සිටියදී උත්සව ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී එම මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාර එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු එහිදී පාක්ෂිකයන්ගේ මැදිහත්වීමන් අල්ලාගෙන තිබුණි.

අනතුරුව පුද්ගලයින් දෙදෙනා නිට්ටඹූව පොලීසිය වෙත රැගෙන ගියේය.

සැකකරුවන් සඳහන් කර තිබුණේ ඔවුන් සමග 16 දෙනෙකු පමණ පැමිණ තිබූ බවය. 

සිද්ධිය ඇතිවීමත් සමග පිරිසක් පළාගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?