අනුරපුර වෛද්‍යවරියගේ සිද්ධිය ගැන ඇතැම් මාධ්‍යවල වාර්තාකරණයන් නිසා විමර්ශනවලට බාධා

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඡායාරූප පෙන්වමින් සහ අගතියට පත් පාර්ශවයේ සාක්ෂි හෙළිකරමින් සිදුකළ වාර්තාකරණයන් හේතුවෙන් විමර්ශන ක්‍රියාවලියට බාධා සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අද (17) දිනයේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළා.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (17) දිනයේ අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට කරනු ලැබුවා.

එහිදී නියෝග කෙරුනේ සැකකරු ලබන 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

484573301 1186636312822090 8137917832972007551 n 1
484321497 1186636319488756 2881137600934238710 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?