අනුප්‍රාප්තික ජනපති තේරූ ඡන්ද පත්‍රිකා විනාශ කෙරේ

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව කථානායකවරයා අද (04) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

එම ඡන්දය පවත්වනු ලැබුවේ ඉකුත් වසරේ (2022) ජූලි මස 20 දිනයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග හිස් වූ ජනාධිපතිධූරයේ පුරප්පාඩුව සඳහා එවක වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සදහා තරඟ වැදුණා.

එයින් තේරී පත්වුණේ රනිල් වික්‍රමසිංහ මහතායි.

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 18 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සහ 2023.03.24 වැනි දින පවත්වනු ලැබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය සහිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ඊට අදාළ ඡන්ද පත්‍රිකා විනාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?