අනීතික වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරනවා – කැබිනට් ප්‍රකාශක

අත්‍යාවශ්‍ය සේවා ලෙස නම්කර ඇති රාජ්‍ය සේවාවන්හි නිරතවන සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ග හරහා පොදු නීතිය කඩකළහොත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශයක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ රජය විසින් ජන ජීවිතය,පාසල් අධ්‍යාපනය හා සාමාන්‍ය කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සේවා කිහිපයක් නම් කර ඇති බවයි.

ප්‍රවාහනය, වරාය, නැව්තොට, ගමනාගමනය, තැපල්, විදුලි සියල්ල ඒ අතරින් කිහිපයක්.

මෙසේ තිබියදී රටේ පොදු නීතිය කඩකළොත් ඒ සඳහා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයෙන් දන්වා ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?