Fly high Get bonus Aviator Phone

අනියම් සැමියාට දැරියව කෙළෙසන්න අනුබල දුන් මව අත්අඩංගුවට

අනියම් සැමියාට සිය වයස අවුරුදු 07ක බාලවයස්කාර දැරියව අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන මවක් සහ අනියම් සැමියා කටුගස්තොට පොලිසිය විසින් පසුගිය 17 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මව එම අනියම් සැමියාව මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාවගේ සැමියා මීට වසර දෙකකට පමණ පෙර මිය ගොස් ඇති අතර, පසුව එම කාන්තාව මුහුණු පොත හරහා විවිධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එලෙස හඳුනාගත් රත්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සමඟ ඇය සමීප සම්බන්ධතාවක් පත්වා ඇති අතර, ඔහු නිරන්තරයෙන් ඇය පදිංචිව සිටි නිවසට පැමිණීමට හුරුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අතරතුර දිනක කාන්තාවගේ හත් හැවිරිදි දැරිය අපයෝජනය කිරීමට මෙම අනියම් සැමියා පෙළඹ ඇති අතර, ඒ සඳහා දැරියගේ මව ද ඔහුට අනුබල ලබාදී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් දැරිය විසින් ඇයගේ නැන්දාට පවසා ඇති අතර, නැන්දා විසින් දැරියගේ මිත්තණියට ද මේ බව පවසා පොලිසියය පැමිණිලි කිරීමට කටයුතු කර තිබෙනවා.

එම පැමිණිල්ලට අදාළව සැකකාර මව සහ ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔවුන් මහනුවර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගත කිරීමට නියෝග කළ බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?