අනියම් බිරිය රට ගිය දුකට 64 හැවිරිදි පුද්ගලයා දිවිනසා ගනී

අනියම් බිරිඳ රට රැකියාවක් සඳහා විදෙස් ගත වූ සිත් තැවුලට ගෙළ වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 64 හැවිරිදි වියේ පසුවූ මාලඹේ, කහන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා අනියම් බිරිඳ සමඟ වසර විස්සකට වැඩි කාලයක් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, මෙම පුද්ගලයාගේ දේහය භාරගැනීම නීත්‍යනුකූල බිරිඳ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුව එම මෘත දේහය අනියම් බිරිඳගේ දියණිය විසින් භාරගෙන ඇති බව සඳහන්.

ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය පරීක්ෂණ සැළකිල්ලට ගෙන මෙම සියදිවි නසා ගැනීමක් බවට මරණ පරීක්ෂණයේ දී තීන්දු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?