රුවන්වැල්ල – දොරණුව ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවක් විසින් ඊයේ සවස සිය නිවස තුළදී අනියම් සැමියායැයි පැවසෙන 54 හැවිරිදි විවාහක පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම – අළුත්අම්බලම ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් 53 හැවිරිදි කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය පොච්චාරණය කර ඇති පරිදි පටියකින් ගෙල සිරකර එම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව සිය විවාහක සැමියාගෙන් වෙන්ව ජීවත්ව ඇති අතර, මියගිය පුද්ගලයා සමඟ වසර දෙකක පමණ කාලයක සිට අනියම් බඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.















