අන්තරේ විරෝධයේදී මහරගම OICගේ ඇඟිලි තුනකට හානි වෙයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ දී පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී ඇතිවූ සිද්ධියකදී බරපතළ තුවාල ලැබූ මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්තට පැය තුනක ශල්‍යකර්මයට ලක් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදුවී ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට ලක් කිරීම සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඔහුව ඇතුළත් කර තිබෙනවා.

රජයේ දේපළවලට රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් සිදු කිරීම,පොලිස් නිලධාරියකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි ද සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?