spot_imgspot_img

අන්තරේට කඳුළු ගෑස් (වීඩියෝ)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශීෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමනට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඒ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආසන්නයේදීයි.

ජීවන බරට අනුව මහපොල ශිෂ්‍යාධාර වහා ඉහළ දැමීම, ප්‍රමාදකළ මහපොළ ශිෂ්‍යාධාර වාරික, සිරගත කර සිටින කැලුම් මුදන්නායක සහ දිල්ශාන් හර්ෂණ වහා නිදහස් කරන්නැයි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මෙම විරෝධතා පා ගමන හේතුවෙන් විජේරාම හංදියේ සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දක්වා වූ මාර්ගය වසා දැමීමට ද පොලිසිය කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
5
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?