අනවසර සංක්‍රමණිකයන් 1,300ක් බේරාගැනීමට ඉතාලි මුහුදේ මෙහෙයුමක්

ඉතාලි මුහුදු සීමාවේ අනතුරට පත්ව තිබූ යාත්‍රා කිහිපයක සිටි සංක්‍රමණිකයින් 1,300ක පමණ පිරිසක් එරට වෙරළාරක්ෂක බලකා සාමාජිකයින් විසින් මුදා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මුදාගත් පිරිසෙන් 584 දෙනෙක් කැලබ්‍රියා නගරයට රැගෙනවිත් ඇති බවයි. තවත් සංක්‍රමණිකයන් 487 දෙනෙකු ක්‍රෝටෝන් වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

මුදාගැනුණු සංක්‍රමණිකයන් 200 දෙනෙකු සිසිලි වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයකට රැගෙනවිත් ඇති අතර ඔවුන් කතානියා වෙත රැගෙන යන බවයි ඉතාලි බලධාරීන් පවසන්නේ.

මේ දිනවල අනවසර සංක්‍රමණිකයින් රැසක් මධ්‍යධරණී මුහුද හරහා යාත්‍රා කරමින් සිටින බවට ඉතාලි වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබෙනවා.

අයහපත් කාලගුණය හමුවේ මුහුදු සීමා රළුවී ඇති බැවින් අනවසර සංක්‍රමණිකයින් රැගත් යාත්‍රා අනතුරට පත්වීමේ සම්භාවිතාව ඉහළ බවයි ඉතාලි බලධාරීන් සඳහන් කළේ.

ඔවුන් පවසන්නේ ඊයේ දිනයේ පමණක්, අනවසර සංක්‍රමණිකයින් රැගෙන යාත්‍රා කරමින් ඇති බෝට්ටු 20ක් පමණ ගුවන් යානා සහ ඩ්‍රෝන යානා හඳුනා ගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?